'/> ටෙක්නික්ස්: Google සිංහල පරිවර්තන සතිය - සිංහලේ දියුණුවට ඔබේ දායකත්වය ලබා දෙන්න

Wednesday, September 3, 2014

Google සිංහල පරිවර්තන සතිය - සිංහලේ දියුණුවට ඔබේ දායකත්වය ලබා දෙන්න

සිංහල පරිවර්තකයක් බිහි උනාම ඒකෙන වෙන සේවය කියලා නිම කරන්න බෑ.මෑතකදී facebook හා gmail සේවාවන් සිංහලෙන් භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට හැදුවා.නමුත් එකේදී වෙන්නේ ඒ site එකේ තිබ්බ ටික සිංහලට හරවපු ඒක විතරයි.නමුත් බොහෝ දෙනෙක් ඒවා ඉංග්‍රීසියෙන්ම පාවිච්චි කරන්න තමා වැඩි කැමැත්තක් දක්වන්නේ. (ඒක වැදගත් නෑ කියනවා නෙවෙයි)

එත් මේක ඒ වගේ නෙවේ.මේකෙන් පුළුවන් අන්තර්ජාලයේ තියන ඕනෑම ඉංග්‍රීසි හා වෙනත් භාෂා විශාල ප්‍රමාණයක වෙබ් පිටු සිංහලට හරවලා කියවන්න පුළුවන් වෙනවා.ඒ වගේම සිංහල ඕනෑම වේබ් පිටුවක් ඉහත ඕනෑම භාෂාවකට පරිවර්තනය කරලා ලෝකේ ඕනෑම කෙනෙක්ට කියවන්න පුළුවන් තත්වයට පත වෙනවා. එතකොට අන්තර්ජාලය භාවිතයට ඉංග්‍රීසි දැනුම ඕනෙම නෑ.
ඔබ භාවිතා කරන්නේ chrome web browser එකනම චීන,ප්‍රංශ වැනි භාෂා වලින් තියන වේබ් පිටුවකට ගියාම ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නද කියලා අහනවා.ඒ ඒ භාෂාවලට මේ වනවිට පරිවර්තක හදලා තියන නිසා.සිංහල පරිවර්තකය හැදුවම අපිට ඒ වගේම ඕන දෙයක් සිංහලෙන් කියවන්න පුළුවන්.



ලංකාවේ බ්ලොග්කරුවන් නිසා දැන් තරමක් අන්තර්ජාලයේ ගොඩක් දේවල් සිංහලෙන් තියනවා.(මිට අවුරුදු 10කට විතර කලින්නම් internet එකේ සිංහල අකුරක් දකින්න නැති තත්වයක් තමා තිබ්බේ) එත් ඕන හැමදේම සිංහලෙන් හොයා ගන්න නෑ.එත් පරිවර්තකය නිපදුවාම අපිට මුළු internet එකම සිංහලෙන් කියවන්න පුළුවන් වෙනවා.පේනවනේ නේද මේකේ තියන වාසිය.

භාෂාවක් සම්පුර්ණයෙන්ම පරිවර්තනය කරනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවේ.ඒකට ඔබෙත් අපෙත් සහයෝගය අවශ්‍යමයි.ඒක ප්‍රචලිත කරන්න තමා මේ පරිවර්තන සතියේ අරමුණ.

ඔබටත් පුළුවන් වචන කීපයක් හරි සිංහලට පරිවර්තනය කරලා ඔබේ මව්බස වෙනුවෙන් සේවයක් කරන්න.ඒ සදහා පහත දේවල් ඔබට කරන්න පුළුවන්.

  • ඉංග්‍රීසි ,සිංහලට පරිවර්තනය (සිංහල unicodes වලින් ඔබ type කරන්න).
  • සිංහල, ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න
  • පරිවර්තනය කර ඇති ඒවා නිවැරදිදැයි බලන්න
හරියටම දන්නේ නැති ඒවා skip කරන්න.වැරදි දේවල් ඇතුලත් කිරීමෙන් වලකින්න


ඒ සදහා මෙතනින් පිවිසෙන්න:-

වැඩිදුර විස්තර ඕනෙනම් මේ ලිපියත් කියවන්න



ඔබට සුභ දවසක්...........!!! මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

6 comments:

  1. Sinhala unicode eken liyanna mata puluwan,namuth eka Blog ekaka comment ekak lesa daganna widiya kiya denna hekinam LOku udawwak.(Asoka)

    ReplyDelete
  2. <#a href="link එක" rel="nofollow"> වාක්‍ය <#/a>
    # ලකුණ නැතුව දාන්න

    ReplyDelete
  3. we must do our part for the success of this project, it will come back to us in a better way...

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න