'/> ටෙක්නික්ස්: Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න කැමතිද?

Saturday, April 27, 2013

Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න කැමතිද?

මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ Gmail වලට විතරයි.තමන්ට email එකක් ආපු ගමන් ඒ ගැන sms එකක් එන විදිහට හද ගන්න හැටි තමා කියන්ඩ යන්නේ.

එත් එන හැම email එකටම sms එන්ඩ ගත්තොත් ඒක වදයක් වෙනවනම් තමන්ට අවශ්‍ය අයගෙන් විතරක් email එකක් ආවම විතරක් දැනුම්දෙන විදිහට උනත් මේක හදාගන්න පුළුවන්.මම ඒක කරන හැටි පියවර වශයෙන් කියන්නම්

මේකෙදි වෙන්නේ ඔයාලට email එකක් ආවම ඒක google calender එකට reminder එකක් විදිහට ඇතුලත් වෙනවා.ඊට පස්සේ ඒ reminder ඒක ගැන sms එකක් එනවා.
මේ විදිහට email notifications දෙන sites තියනවා.එත් ඒ හැම එකකටම සල්ලි ඉල්ලනවා.ඒ නිසයි මේ ක්‍රමේ හොයා ගන්න මම try කරේ.එහෙනම් දැන් වැඩේට බහිමුකො.

  • මුලින්ම Gmail එකට log වෙලා එකේ දකුණු පැත්තේ උඩ තියන gear icon එක click කරලා settings වලට යන්ඩ.ඊට පස්සේ label tab එකට ගිහිං එකෙන් "Create nwe label" කියන එකට යන්ඩ.
  • ඊට පස්සේ sendsms කියලා නම දීල label එකක් හද ගන්ඩ.(නම වෙනස් කරන්ඩ එපා.මේකේ පොඩි program එකෙක් කියලා තියෙන්නේ ඔය නමට)

  • ඊළගට Filter Tab එකට ගිහිං Create a new filter කියන එකෙන් ගිහිං filter එකක් හදා ගන්න.ඔයාට හැම email එකක්ම ආව ගමන් sms එකක් එන්ඩ ඕනෙනං has the words කියන තැන is:inbox කියලා type කරන්න.එහෙම නැතුව කවුරු හරි විශේෂ කෙනෙක්ගෙන් විතරක් එන email වලට sms එන්ඩ ඕනෙනම් From කියන තැන එයාගේ email address එක ලියන්න.

  • Create filter with this search කියන එක click කරලා ඉස්සරහට යන්ඩ.එතකොට එන window එකේ apply the label එකට පොඩි ටික් එකක් දාලා එකෙන් sendsms කියන එක තෝරලා දෙන්න.ඊට පස්සේ create filter කියන එක click කරන්න.
  • දැන් google docs වලට log වෙන්න
  • දැන් එකේ tools වල Script editor එකට යන්න.ඊළගට එකේ Resources කියන එකට ගිහිං එකේ Current Projects triggers එකට ගිහිං click here to add one now කියන එක click කරලා from spreadsheet කියන එක වෙනුවට Time-driven කියන එක දෙන්න.ඊට පස්සේ hour timer කියන එක වෙනුවට minutes timer කියලා දීල save කරන්න.ඊට පස්සේ එන එකේ Authorize කියන එක click කරන්න.ඊටත් පස්සේ Grant access කියන එක දෙන්න.
  • දැන් මෙතනින් google calender එකට යන්න.දැන් එකේ settings වලට යන්න.ගිහින් එකේ mobile setup කියන tab එකටත් යන්ඩකෝ.ඊට පස්සේ phone number කියන තැනට ඔයාලගේ phone number එක දෙන්න(+94 කියන country code එක ඉස්සරහට දාන්න)
  • ඊට පස්සේ send verification code කියලා දෙන්න.එතකොට ඔයාලගේ phone එකට pin අංකයක් එනවා.ඒක vrrification code කියන තැන ලියලා Finish setup කියලා දෙන්න.


දැන් ඉතින් වැඩේ හරි.email එකක් ඇවිත් විනාඩි 5ක් ඇතුලත ඔයාලට sms එකක් එයි.
(වැඩ කරේ නැත්තන් ඔයාලගේ notifications එන්ඩ හදලා ඇත්තේ email විදිහට වෙන්න ඇති.ඒ නිසා sms වලින් notifications එවන්න කියල google calander එකේ settings හදන්න)


ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.




13 comments:

  1. වැඩේ හොඳයි ඒත් මෙ බ්ලොග් පොස්ට් Subscribe කරලා තියන හන්දා නිකන් මොකටද sms inbox එක පුරවගන්නෙ

    ReplyDelete
    Replies
    1. එකනේ මම ඒවාට වෙනම email එකක් පාවිච්චි කරන්නේ.අනිත් email ඒකෙන තමා මම වැදගත් වැඩ කරන්නේ.මම එකට sms එන්ඩ හද ගත්තා....... :)

      Delete
  2. Machan thankyou very much mama meka karanne kohomada kiyala hoya hoya hitiye...

    ReplyDelete
  3. සු[ඉරි සිරාවටම වටිනා ආර්ටිකල් එකක් මතෝ... බොහොම ස්තුත්යි ...

    මතෝ බ්ලොග් එකේ කොමෙන්ට් word virification අයින් කරන්න ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා..මම ඒක අයින් කරලා තිබ්බේ.එත් මොකක්හරි වැරද්දකින් අයෙත් ඒක දාලා.
      මමත් අනිත් අයෙගේ ඒවටත් comment කරද්දී word virification අයින් කරන්ඩ කියා කියා යනවා.බලාගෙන යද්දී මගේ එකෙත් මම අයින් කරලා නෑ නේ...............
      :)

      Delete
  4. ඔයාගේ ලිපි මම ගොඩක් අගය කරනවා...
    හෙටදින

    ReplyDelete
  5. එල මචන් එල.....

    ReplyDelete
  6. තෑන්ක්ස් හොඳේ.
    ඉදිරියේදී අවශ්‍ය වුවහොත් භාවිතයට ගතහැකියි.

    ReplyDelete
  7. mage google calendar eke mobile setup kiyala tab ekak nane

    ReplyDelete
  8. mage google calendar eke mobile setup kiyala tab ekak nane

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න