'/> ටෙක්නික්ස්: December 2012

Tuesday, December 25, 2012

skype එකෙන් තව කෙනෙක් එක්ක තරගෙට games ගහමු

     2013 අලුත් අවුරුද්දට ඔයාලට පොඩි තෑග්ගක් දෙන්ඩ තමා මේ ලෑස්තිය.Skype එකේ chat එකක් දාද්දි පොඩි කම්මැලිකමක් දැනුනම ගහන්ඩ පොඩි games ටිකක් තමා මම දෙන තෑග්ග.හැබැයි ලොකු ලොකු games නම් නෑ.සරල game ටිකක් තමා තියෙන්නේ.

   පල්ලෙහා games වල පොඩි පින්තුර ටිකක් දාලා තියනවා.මුලින්ම ඒවා ටික බලල ඉන්ඩකෝ.හොදයිනම් ඊට පල්ලෙහා තියන download button එක click කරලා ඒ ටික බා ගන්න.4MB විතර පොඩි file එකක් තියෙන්නේ

Wednesday, December 19, 2012

අලුත්ම සින්ඩිය එක්ක එක්වන්න (හෙළයා)


    මට පොඩි ආසාවක් තිබ්බා සින්ඩිකේටර් එකක් හදන්ඩ.ඒ නිසා මම try කරලා try කරලා එකක් හදා ගත්තා.මම හිතනවා මේක ගොඩක් හොද තත්වයේ තියනවා කියලා. ගොඩ කලෙක මහන්සියේ ප්‍රතිපලයක් තමා මේක.දැනට blog 2500ක් විතර මේකේ සින්ඩිකේට් වෙනවා. ගිහිල්ලම බලන්ඩ.හොදයි කියලා හිතෙනවනම් හැමදාම blog කියවන්ඩ bookmarak එකක් දාගෙනම යන්ඩ.

  මම මේක හැදුවේ පහසුවෙන් කියවන්ඩ පුළුවන් විදිහට.කොයි එකෙත් තියෙන්නේ සිංහල අකුරු තමා එත් මේකේ වැඩිය පාට නැති නිසා පහසුවෙන් කියවන්ඩ පුළුවන්.ඒ වගේම තමා මේකේ වැඩි වැඩ නැති නිසා
ඉක්මනට මේක load වෙනවා.

Thursday, December 13, 2012

Facebook Page එකකට යාලුවෝ ඔක්කොටම එකවැර invite කරමු

   අපේ  facebook එකේ page එකකට invite කරන්ඩ ගියාම එකින් එක එකින් එක යාලුවන්ව click කරන්ඩ වෙනවා.තුන් හාරදාහකට invite කරන්ඩ උනොත් එහෙම පිස්සු හැදෙයි.මේක කරන්ඩ හරිම ලේසි ක්‍රමයක් තියනවා.මේක chrome browser එකේනම් හොදට වැඩ.අනිත් ඒවා ගැනනම් දන්නේ නෑ.මේ වැඩේට හදපු addon එකක් දාලත් කරන්ඩ පුළුවන්.එකට වඩා මේක ලේසි.

Sunday, December 9, 2012

අපි ගන්න Photo එකක Quality එක වැඩි කරගන්න හැටි

      මම දැන් කියලා දෙන්ඩ යන ක්‍රමයෙන් ඔයාලගේ photos වල පෙනුම හොදටම වැඩි කරගන්න පුළුවන්.සාමාන්‍ය camera එකකින් ගත්ත photo එකක් සුපිරිම වර්ගයක හොදින් වර්ණ ග්‍රහණය කරන කැමරාවකින් ගත්තා වගේ හදා ගන්ඩ පුළුවන්.පල්ලෙහා ගත්ත photos හා ඒවා ඔය විදිහට හැදුවට පස්සේ පේන විදිහයි දෙකම දාල තියනවා.පොඩ්ඩක් බලන්ඩකෝ ඒ දෙකේ වෙනස.Edit කරපු එකේ අමුතු ලස්සනක් තියවා.ගත්ත photo එකේ තියන අදුරු ගතිය හා වර්ණ වල මදිකම දෙවෙනි photo එකේ ඇත්තෙම නෑ.