'/> ටෙක්නික්ස්: September 2014

Friday, September 26, 2014

iPhone 6 plus එකේ නැවීමේ දෝෂයත් එක්ක ආපු funny ads ටිකක් (iphone bend funny)

apple වල නැවීමේ දෝෂය එක්ක ලස්සන දැන්විම නිර්මාණය වෙමින් තියනවා

apple වල නව 6 හා 6 plus phones දෙක නිකුත් වීම තාක්ෂණික ලෝකයේ ලොකු කතාබහකට ලක් උනා.එත් දැන් ඊට වඩා කතාවට ලක් වෙන්නේ 6 plus එක සාක්කුවක දාගෙන යාම වැනි සුළු පිඩනයකට පවා තරමක් නැවීමට ලක් වීමේ දෝෂයයි.මේ නිසා තිරය අක්‍රමවත් වීමක්ද සිදු වෙනවා.

Friday, September 19, 2014

Facebook Limit උනාට පස්සේ නම වෙනස් කරන්න (facebook change name after limit)

Facebook එකේ නම වෙනස් කරොත් දින 60ක් යනකන් නම වෙනස් කරන්න බෑ.එත් හොර ක්‍රමයකට ඒක කරන්න පුළුවන්. ගොඩක් අයට මේ ගැටලුව ඇති වෙලා ඇති. හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ.

Wednesday, September 17, 2014

මෙන්න නියම blog template එකක්

ලස්සන අමුතුම විදිහේ සරල blog template එකක්.ඉක්මනට load වෙන නිසා වාසි. මම මේක මගේ blog එකට දාගන්න හොයද්දි තමා හම්බුනේ. මේක දාද්දි තියන gadgets ඔක්කොමයි තව තව ගොඩක් දේවලුයි වෙනස් කරන්න වෙන නිසා මේකම තියන්න තීරණය කරා. slow internet connection තියන අය මගේ blog එක load වෙන්න ගොඩක් වෙලා යනවනම් කියන්න.

Thursday, September 11, 2014

ලේසියෙන්ම ත්‍රිමාන 3D computer games හදන්න


programing ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ටත් මේකෙන් 3D ගමේ එකක් හදන්න පුළුවන්.හරිම ලේසි. මේ Kodu softwear එක  microsoft එකේ නිර්මානයක්.

චරිත, වටපිටාව ඔක්කොම හදන්න අවශ්‍ය දේවල් මේකේ තියනවා.ඒ වගේම මේකෙන් තියෙන්නේ graphical programming language එකක්.කරන්න තියෙන්නේ චරිත ටික දාලා ඉවර වෙලා මෙහෙම උනාම මෙහෙම කරන්න කියලා click කරලා තෝරන්න විතරයි.

හැබැයි මේ games exe file එකක් විදිහට save කරන්න බෑ.ඒ නිසා export කරපු game එකක් play කරන්න පුළුවන් kodu තියන පරිගනකයක විතරයි.

Wednesday, September 10, 2014

Blog එකේ අලුත් ලිපි කියවන්න chrome හෝ fire fox extension එකක් හදා ගන්න

මොකද හිතන්නේ? blog එකේ අලුත් ලිපි පෙන්නන browser extention එකක් තිබ්බොත් නරකද? ලේසියෙන්ම හදා ගන්න පුළුවන්.

කරන්න තියෙන්නේ ඔයාලගේ blog එකේ URL එක දෙන්න විතරයි. එතකොට extension එක download කරන්න පුළුවන් විදිහේ gadget එකක් දාගන්න පුළුවන් HTML code එකක් දෙනවා.ඒක blog එකට දාගත්තම හරි.

එහෙම නැතුව download link එකක් ඕනෙනම් page එකේ යටම තියන "try it" කියන එකට යන්න.එතකොට අර gadget එක දැම්මම පෙනෙන විදිහ දැකගන්න පුළුවන්.

Wednesday, September 3, 2014

Google සිංහල පරිවර්තන සතිය - සිංහලේ දියුණුවට ඔබේ දායකත්වය ලබා දෙන්න

සිංහල පරිවර්තකයක් බිහි උනාම ඒකෙන වෙන සේවය කියලා නිම කරන්න බෑ.මෑතකදී facebook හා gmail සේවාවන් සිංහලෙන් භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට හැදුවා.නමුත් එකේදී වෙන්නේ ඒ site එකේ තිබ්බ ටික සිංහලට හරවපු ඒක විතරයි.නමුත් බොහෝ දෙනෙක් ඒවා ඉංග්‍රීසියෙන්ම පාවිච්චි කරන්න තමා වැඩි කැමැත්තක් දක්වන්නේ. (ඒක වැදගත් නෑ කියනවා නෙවෙයි)

එත් මේක ඒ වගේ නෙවේ.මේකෙන් පුළුවන් අන්තර්ජාලයේ තියන ඕනෑම ඉංග්‍රීසි හා වෙනත් භාෂා විශාල ප්‍රමාණයක වෙබ් පිටු සිංහලට හරවලා කියවන්න පුළුවන් වෙනවා.ඒ වගේම සිංහල ඕනෑම වේබ් පිටුවක් ඉහත ඕනෑම භාෂාවකට පරිවර්තනය කරලා ලෝකේ ඕනෑම කෙනෙක්ට කියවන්න පුළුවන් තත්වයට පත වෙනවා. එතකොට අන්තර්ජාලය භාවිතයට ඉංග්‍රීසි දැනුම ඕනෙම නෑ.

Monday, September 1, 2014

යවපු email එක read කරාද කියලා දැනගන්න (email tracking)

facebook එකේනම් msg එකක් read කරාම ඒක දැනගන්න පුළුවන්. gmail වලත් තියනවා read report එකක් ගන්න.අපි read report එකක් එවන්න කියලා email එක යවද්දීම අදාළ settings හදලා යැව්වම email එක ලබන්නා ඒක open කරාම එයාගෙන් අහනවා read report එක යවන්නද කියලා. එතකොට ඉතින් වැඩක් නෑ නේ.

එකට තමා හොරෙන් email එක open කරාද නැද්ද කියලා දැනගන්න email tracking service තියෙන්නේ.