'/> ටෙක්නික්ස්: 2014

Friday, December 12, 2014

බල බලා සිටි google sinhala translate එක ඔන්න ආවා - අන්තර්ජාලයම සිංහලෙන් කියවන්න

දැන් ඉංග්‍රීසියෙන් තියන ඕන දෙයක් සිංහලටත් සිංහලෙන් තියන ඕනෑම දෙයක් තවත් භාෂා 90කටත් සැනකින් පරිවර්තනය කරගන්න පුළුවන්. 

ඉංග්‍රීසි බැරි කෙනෙකුට උනත් දැන් internet එකේ තියන  ඕන දෙයක් සිංහලෙන් බලා ගන්න පුළුවන්. මේකේ වටිනාකම විස්තර කරන්න යන්න ඕනේ නෑ නේ. එකෙන්ම පෙනෙනවානේ මේකේ තියන වටිනාකම.

මේක හදන්න සහයෝගය දෙන්න කියලත් කලින් ලිපියක් දැම්මා මතක ඇතිනේ

Monday, November 24, 2014

Online මතය විමසන poll එකක් හදන හැටි

ජනාධිපතිවරණය නිසා කට්ටිය එක එක විධිහට මතය විමසනවා.FB එකේ තියනවා 1 හෝ 2 comment කරන්න.ඊට වඩා ලස්සනට මේකෙන් වැඩේ කරගන්න පුළුවන්.

මමත් එකක් හැදුවා. මේකටත් ඔයාලගේ මනාපය දීගෙන යන්න.

මේකෙන් දෙන HTML code එක blog / web site එකකට එකතු කලාම වැඩේ හරි. එහෙම නැත්තන් ඒකෙන් link එකක් දෙනවා. ඕනෙනං ඒ link ඒක share කරන්නත් පුළුවන්.



Tuesday, November 18, 2014

Click එකකට Rs.5ක් ගෙවන ලංකාවේ ads site එක

PTC site පස්සේ ගිහින් සල්ලි (E Money)හොයන්න හදන එක බොරු වැඩක්.එත් හොද blog එකක් හරි web site එකක් කරනවානම් ඒකෙ ads දාලා සල්ලි හොයා ගන්න පුළුවන්.( ඒකට අනුන්ගේ ලිපි උස්සලා දාන blog හදන එකනම් කැත වැඩේ)

වෙන විදේශීය ads site වලට වඩා adlink මේකේ වාසි ගොඩක් තියනවා.ප්‍රධානම එක තමා මුදල් ලබා ගැනීමේ පහසුව. කෙලින්ම ඔයාලගේ bank account එකට ගන්න පුළුවන්.

Friday, November 14, 2014

facebook message එකක් "seen" කියලා පෙන්නන එක නවත්තමු (seen notification disable/remover/turn off)


Facebook එකේ message type කරද්දී "typing" කියලා වැටෙනවා.message එක බැලුවම "seen" කියලා වැටෙනවා.

සමහර වෙලාවට මේක වදයක්.message එක දැක්කේ නෑ වගේ ඉන්නත් බැරි වෙනවා. හදිස්සියක් නිසා හරි message එක දැකලා reply කරන්න බැරි උනොත් හිත නරක වෙන්නත් හේතුවක්.

ඒ නිසා මේක disable කරාම ප්‍රශ්නේ ඉවරයිනේ.


Tuesday, November 11, 2014

FACEBOOK EMOJI ඔක්කොම ටික

Facebook එකේ සැගවුන පොඩි පොඩි emoji ගොඩක් තියනවා. සමහර phone වලින් status/ comments දාද්දි ඒවා ලේසියෙන්ම දාන්න පුළුවන්.එත් computer එකෙන් log වෙන කෙනෙක්ට එහෙම කෙලින්ම ඒවා දාන්න බෑ නේ.

මෙන්න තියනවා emoji ඔක්කොම ටික. රුපෙට යටින් තියන කොටුවේ තියන එක copy කරලා FB එකේ දැම්මම හරි.

Saturday, November 8, 2014

වද නොවී ඕන රටකට IP Hide/Change කරන්න (IP changer software)


Net එකේ සුකුරුත්තන් වැඩ කරන කෙනෙක්ට නිතරම ip change කරන්න ඕනේ වෙනවා.සමහර web sites එයාලගේ සේවා සපයන්නේ සමහර රටවල් වලට විතරයි.එතකොට ඒ රටක විදිහට log වෙන්න ip hide කරන්න වෙනවා. (හොර වැඩ වලට අමතරව)

මේකට software install කරලා කරනවට වඩා කට්ට කන්නේ නැතුව මෙන්න මේ chrome extension එකෙන් ලේසියෙන්ම කරගන්න පුළුවන්.

Wednesday, October 29, 2014

Facebook එක සල්ලි ගෙව්වොත් දවසට කියක් ලැබෙයිද? (If facebook pay money)

facebook එකෙන් සල්ලි ගෙව්වොත් අපිට කියක් ලැබෙයිද කියලා අපි පොඩි ගණනයක් කරලා බලමු.

මේ දවස් වල නැගලම ගැන මාතෘකාව තමා http://www.tsu.co කියන අපිට සල්ලි ගෙවන facebook වගේ සමාජ ජාලය.

මිට කලින් ඒ ගැන ලිපියක් පල කළා. එක ගැන ප්‍රසිද්ධ fox වැනි මාධ්‍ය ආයතනත් වැඩසටහන් ඉදිරිපත් කළා.ඒ අනුව බලපුවම මේකෙන් සල්ලි ගෙවන්නත් ඉඩ තියනවා.නැති වෙන්නත් ඉඩ තියනවා. මොනවා උනත් ඒ ගැන ලිපියකුත් ලියලා දැම්මා.

Tuesday, October 28, 2014

කට්ටියම බය කරන්න පුළුවන් game එකක් (funny scary maze game)

මේක යාලුවන්ව බය කරලා විනෝද වෙන්න පුළුවන් game එකක්. video එකකුත් දැම්මා එක බැලුවාම game එක ගැන හිතා ගන්න පුළුවන්.(විනෝදෙ වැඩි උනොත් හානිදායක වෙන්න පුළුවන්)

කරන්න තියෙන්නේ පොඩි පාරක දිගේ mouse point එක ගෙනියන්න. පලවෙනි level දෙක ලේසි. තුන්වෙනි එක අමාරුයි.ඒක හිමින් සීරුවේ ගහගෙන යද්දී එකපාරටම මේ රුපෙත් එක්ක සද්දේ එනවා. එතකොට ඉතින් බය වෙන ඒක ගැන කවර කතාද.

Sunday, October 26, 2014

Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක්

Facebook වගේ මේ site එකේ ඔවුන් ලබන ආදායමෙන් 90%ටම මේකේ පරිශීලකයන්ට දෙනවා.ඉතුරු 10%ට තමා මෙයාලා ගන්නේ.

සල්ලි දෙයිද නැද්ද කියන්න sure නෑ.එත ලෝකේ ප්‍රසිද්ද මාධ්‍ය ආයතනත් (Fox) මේ ගැන වැඩසටහන් කරලා තියනවා. neth FM එකත් මේක ජයටම කරගෙන යනවා දැක්කා

මේ site එකට බොහෝ දෙනෙක් ලොව පුරා එකතු වෙමින් තිබෙනවා. මේ දවස් වල නැගලම යන මාතෘකාවක් තමා මේ tsu site එක

Friday, October 24, 2014

Facebook භාවිතයේදී ඕන වෙන script ටිකක් (all request accept/ Ignore & Unfriend all)


මේ scripts මගින් එකින් එක කරන්න ඕනේ වැඩ ගොඩක් එකපාරින් කරන්න පුළුවන්.මේ script වැඩ කරන්නේ chrome browser එකට.(torch browser එකටත් වැඩ).අනිත් එවගේනම් check කරලා බැලුවේ නෑ.Firefox වල "Shift+Ctrl+K" මගින් කරන්න පුළුවන් වෙයි.

මේ script වලින්

  • Request ඔක්කොම Accept කිරීම
  • Request ඔක්කොම Ignore කිරීම
  • Facebook Friends ඔක්කොම හෝ ගොඩක් unfriend කිරීම
කරන්න පුළුවන්.

Tuesday, October 21, 2014

ලංකාවේ ඕනෑම තැනකට තියන දුර හොයන්න (distance calculator)

ගමනක් යන්න යද්දී එහෙම කොච්චර දුරක් තියනවද කියලා වෙලාවකට දැනගන්න ඕන වෙන වෙලාවල් තියනවනේ.
ඕනෙනං google map එකෙන් හොයන්නත් පුළුවන්.එත් ඒක ටිකක් කරදර වැඩක. ඊට වඩා ලේසියෙන් මේකේ තැන් දෙක දීපු ගමන් යන්න පුළුවන් පාරවල් හා ඒවගේ දුර ප්‍රමාන ලේසියෙන්ම ගන්න පුළුවන්

Thursday, October 16, 2014

Android Phone එකේ install කරපු APP එකක් තව කෙනෙක්ට යවන විදිහ (backup and restore)

ඔයාලගේ phone එකට app එකක් google play එකෙන් download කරාම එකේ apk file එකක් ඉතුරු වෙන්නේ නෑ.කෙලින්ම app එක install වෙනවා.එහෙම app එකක් තව කෙනෙක්ට යවන්න බෑ.

මම කලින් ලිපියකින් computer එකෙන් google play එකෙන් app ඕන එකක් apk file විදිහට download කරන හැටි කිව්වා මතක ඇතිනේ.එහෙම file එකක් phone එකට දාගත්තමනම් යවන්න පුළුවන්.

අද කියන්නේ phone එකේ තියන app එකක් කෙලින්ම තව කෙනෙක්ට යවන හැටි.

Tuesday, October 7, 2014

Facebook Profile Picture එක Hack කරමු

Facebook වල settings වෙනස් කරලා තමන්ගේ profile pic එක click කරාට ලොකු කරලා පෙන්නන්නේ නැති වෙන්න හදන්න පුළුවන්නේ.එතකොට profile pic එක පෙන්නන්නේ චුටි කොටු size පින්තුරයක් විදිහට. මෙන්න මේ පොඩි trick එකෙන් පුළුවන් ඒ photo එක ලොකු කරලා ගන්න.

දැන් ඉතින් ඒ විදිහට ආරක්ෂිතයි කියලා හිතපු අයට එහෙම photos දාන්න කලින් තව දෙතුන් පාරක් හිතන්න වෙයි

Friday, September 26, 2014

iPhone 6 plus එකේ නැවීමේ දෝෂයත් එක්ක ආපු funny ads ටිකක් (iphone bend funny)

apple වල නැවීමේ දෝෂය එක්ක ලස්සන දැන්විම නිර්මාණය වෙමින් තියනවා

apple වල නව 6 හා 6 plus phones දෙක නිකුත් වීම තාක්ෂණික ලෝකයේ ලොකු කතාබහකට ලක් උනා.එත් දැන් ඊට වඩා කතාවට ලක් වෙන්නේ 6 plus එක සාක්කුවක දාගෙන යාම වැනි සුළු පිඩනයකට පවා තරමක් නැවීමට ලක් වීමේ දෝෂයයි.මේ නිසා තිරය අක්‍රමවත් වීමක්ද සිදු වෙනවා.

Friday, September 19, 2014

Facebook Limit උනාට පස්සේ නම වෙනස් කරන්න (facebook change name after limit)

Facebook එකේ නම වෙනස් කරොත් දින 60ක් යනකන් නම වෙනස් කරන්න බෑ.එත් හොර ක්‍රමයකට ඒක කරන්න පුළුවන්. ගොඩක් අයට මේ ගැටලුව ඇති වෙලා ඇති. හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ.

Wednesday, September 17, 2014

මෙන්න නියම blog template එකක්

ලස්සන අමුතුම විදිහේ සරල blog template එකක්.ඉක්මනට load වෙන නිසා වාසි. මම මේක මගේ blog එකට දාගන්න හොයද්දි තමා හම්බුනේ. මේක දාද්දි තියන gadgets ඔක්කොමයි තව තව ගොඩක් දේවලුයි වෙනස් කරන්න වෙන නිසා මේකම තියන්න තීරණය කරා. slow internet connection තියන අය මගේ blog එක load වෙන්න ගොඩක් වෙලා යනවනම් කියන්න.

Thursday, September 11, 2014

ලේසියෙන්ම ත්‍රිමාන 3D computer games හදන්න


programing ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ටත් මේකෙන් 3D ගමේ එකක් හදන්න පුළුවන්.හරිම ලේසි. මේ Kodu softwear එක  microsoft එකේ නිර්මානයක්.

චරිත, වටපිටාව ඔක්කොම හදන්න අවශ්‍ය දේවල් මේකේ තියනවා.ඒ වගේම මේකෙන් තියෙන්නේ graphical programming language එකක්.කරන්න තියෙන්නේ චරිත ටික දාලා ඉවර වෙලා මෙහෙම උනාම මෙහෙම කරන්න කියලා click කරලා තෝරන්න විතරයි.

හැබැයි මේ games exe file එකක් විදිහට save කරන්න බෑ.ඒ නිසා export කරපු game එකක් play කරන්න පුළුවන් kodu තියන පරිගනකයක විතරයි.

Wednesday, September 10, 2014

Blog එකේ අලුත් ලිපි කියවන්න chrome හෝ fire fox extension එකක් හදා ගන්න

මොකද හිතන්නේ? blog එකේ අලුත් ලිපි පෙන්නන browser extention එකක් තිබ්බොත් නරකද? ලේසියෙන්ම හදා ගන්න පුළුවන්.

කරන්න තියෙන්නේ ඔයාලගේ blog එකේ URL එක දෙන්න විතරයි. එතකොට extension එක download කරන්න පුළුවන් විදිහේ gadget එකක් දාගන්න පුළුවන් HTML code එකක් දෙනවා.ඒක blog එකට දාගත්තම හරි.

එහෙම නැතුව download link එකක් ඕනෙනම් page එකේ යටම තියන "try it" කියන එකට යන්න.එතකොට අර gadget එක දැම්මම පෙනෙන විදිහ දැකගන්න පුළුවන්.

Wednesday, September 3, 2014

Google සිංහල පරිවර්තන සතිය - සිංහලේ දියුණුවට ඔබේ දායකත්වය ලබා දෙන්න

සිංහල පරිවර්තකයක් බිහි උනාම ඒකෙන වෙන සේවය කියලා නිම කරන්න බෑ.මෑතකදී facebook හා gmail සේවාවන් සිංහලෙන් භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට හැදුවා.නමුත් එකේදී වෙන්නේ ඒ site එකේ තිබ්බ ටික සිංහලට හරවපු ඒක විතරයි.නමුත් බොහෝ දෙනෙක් ඒවා ඉංග්‍රීසියෙන්ම පාවිච්චි කරන්න තමා වැඩි කැමැත්තක් දක්වන්නේ. (ඒක වැදගත් නෑ කියනවා නෙවෙයි)

එත් මේක ඒ වගේ නෙවේ.මේකෙන් පුළුවන් අන්තර්ජාලයේ තියන ඕනෑම ඉංග්‍රීසි හා වෙනත් භාෂා විශාල ප්‍රමාණයක වෙබ් පිටු සිංහලට හරවලා කියවන්න පුළුවන් වෙනවා.ඒ වගේම සිංහල ඕනෑම වේබ් පිටුවක් ඉහත ඕනෑම භාෂාවකට පරිවර්තනය කරලා ලෝකේ ඕනෑම කෙනෙක්ට කියවන්න පුළුවන් තත්වයට පත වෙනවා. එතකොට අන්තර්ජාලය භාවිතයට ඉංග්‍රීසි දැනුම ඕනෙම නෑ.

Monday, September 1, 2014

යවපු email එක read කරාද කියලා දැනගන්න (email tracking)

facebook එකේනම් msg එකක් read කරාම ඒක දැනගන්න පුළුවන්. gmail වලත් තියනවා read report එකක් ගන්න.අපි read report එකක් එවන්න කියලා email එක යවද්දීම අදාළ settings හදලා යැව්වම email එක ලබන්නා ඒක open කරාම එයාගෙන් අහනවා read report එක යවන්නද කියලා. එතකොට ඉතින් වැඩක් නෑ නේ.

එකට තමා හොරෙන් email එක open කරාද නැද්ද කියලා දැනගන්න email tracking service තියෙන්නේ.

Friday, August 29, 2014

HTML කරන අයට codes check කරන්න "online html code editor" එකක්

HTML code එකක් check කරන්න උනාම browser එකෙන් check කරන එක කරදරයි. විශේෂයෙන් blog එකක් කරන අයට එහෙම නිතර පොඩි පොඩි දේවල් වලට html codes edit කර කර try කරලා බලන්න වෙනවා.එතකොටත් blog එකේ save කරලා check කරනවට වඩා මේ වැඩේ ලේසි.

ඔන්න එහෙනම් html code editor කීපයක්ම දාලා තියනවා,කැමති එකක් පාවිච්චි කරන්න.මේවගේ code එක ගහපු ගමන් ලේසියෙන් preview එක බලා ගන්න පුළුවන්

Wednesday, August 27, 2014

Facebook එකේ ඕන කෙනෙක්ගේ පරණ status/photos search කරන විදිහ

facebook එකේ ගොඩාක් පරණ status එකක් හරි photo එකක් හරි හොයා ගන්න උනාම ඒක කරන්න විදිහක් නෑ.ටිකක් පරණ එකක්නම් දාපු කෙනාගේ timeline එකේ ගොඩාක් දුර පල්ලෙහට ගිහින් හොයා ගන්න පුළුවන් වෙයි.එත් අවුරුදු ගානක් පරණ එකක් හොයන්නේ කොහොමද?

public දාපු status එකක්නම් හොයන්න online search engines තියනවා.එත් private දාපුවා හොයන්න ඒවා ගොඩකට බෑ. facebook graph search එකෙන් පුළුවන් කිව්වට සමහර වෙලාවට ඒක හරියන්නෙත් නෑ.

Saturday, August 16, 2014

Blog එකට පිටු අංක gadget එකක් (Next & Previous Numbered Pagination)

මෙන්න මේ රූපේ වගේ gadget එකක් දෙන්නයි යන්නේ.පිටු ගොඩාක් තියන blog වලටනම් මේක ගොඩක් වැදගත්වෙයි.

blogger එකෙන් දෙන්නේ older post කියලා එහාට යන්න විතරයිනේ.මුලින්ම කැමති පාටක් තොරගන්නකෝ.


Saturday, May 17, 2014

Mobitel mCash දන්සැල (රුපියල් 50ක්) ඉක්මනට එන්න.පෝලිම් නෑ


වෙසක් ඒකට mobitel එකෙන් රුපියල් 50ක mCash දන්සැලක් දෙනවා.සීමිත කාලෙකට විතරයි කියලා තියෙන්නේ.ඉක්මනට ගිහින් try කරන්න.

මේකට යන්න කලින් mCash එකේ register වෙලා ඉන්ඩ.ඒකට phone එකෙන් #111# ගහලා කරගන්න පුළුවන්.


Friday, May 9, 2014

Facebook Videos ඕනෑම එකක් download කරමු

facebook videos online download කරන හැටි තමා කියන්න යන්නේ.මේ downloader එකේ video එකේ link එක දීලා download කරගන්න පුළුවන්.
එත් video එකේ link එක (URL එක) හොයා ගන්න හැටි සමහර අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

ඒක හොයාගන්නේ මෙහෙමයි.video එකට උඩින් ඒක post කරලා මේ වෙනකොට කොච්චර වෙලාවක් ගියාද කියලා වැටෙනවා.ඒක click කරාම video එක වෙනම window එකකින් open වෙනවා.එකේ url එක copy කරලා අරගෙන facebook video downloader එකේ paste කරලා download කරගන්න පුළුවන්.

Monday, March 17, 2014

Android Apps ඔබේ pc එකට google play store එකෙන්ම download කරගන්න හැටි

Google play එකේ apps ලෙසින්ම phone එකට download කරගන්න පුළුවන් උනාට ලේසියෙන් app ඒක install කරන apk file එක download කරන්න
බෑ.එතකොට වෙන site වල app එක හොයන්න ගියාමත් එපා වෙනවා.

මේ විදිහට apk file download කරන්න ක්‍රම කීපයක්ම තියනවා.එත් ලේසිම එක තමමා මේක.ඒ නිසා අනිත් ක්‍රම ඕනේ නෑ නේ.

Saturday, March 8, 2014

Technicsz Blog එක pageviews 100 000 කඩයිමත් පසු කරා (එන්න ලිපි ඔක්කොම කියවන්න)

මුලිම නිකමට වගේ blog එකක් පටන් ගත්තා.එකට දවසට එක්කෙනා දෙන්නා එනවා දකිනකොට තමා blog එකක් කරන් යන්න ආසාව ආවේ.

දැන් ඉතින් මගේ විනෝදාංශ වලින් ප්‍රධානම එක තමා blog ලියන එක.(තව blog කීපයක්ම තියනවා).ඉස්සර තිබ්බ facebook ඇබ්බැහිය නැවතුනේ මෙන්න මේ blog ලිවිම හා කියවීම එක්ක.

දකුණු පැත්තේ පිටු පෙරලපු ගාන පොඩ්ඩක් බලන්න.ලක්ෂේටත් ආවා.

Friday, March 7, 2014

Photo එකකට ඇත්තම වගේ රැවුලක් photoshop වලින් එකතු කරමු

ගොඩක් online site හරහා photos වලට රැවුල් හා කොන්ඩ එකතු කරන්න පුළුවන්.එත් ඒවා ස්වභාවික ගතියක් නෑ.නිකන්ම clipart විදිහට තියන ඒවා තමා ඒවගෙන් දාගන්න පුළුවන්.

එත් photoshop හරහා ඒක ස්වභාවික විදිහටම කරගන්න පුළුවන්.හරිම ලේසියි.

Sunday, March 2, 2014

එක web page එකකට ගියාම තව එකක් pop up auto open වෙන්න දාමු(Redirect HTML meta code)

මේ code එක gadget එකක් විදිහට දාපුවම ඔයාලගේ site එකට ගියාම තව popup window එකකින් වෙන site එකක්(ඔයාලගේම වෙන blog එකක්) open වෙන්න දාන්න පුළුවන්.

ඒ වගේම ඔයාලගේ පරණ blog එකට එන සෙනග ඔක්කොම අලුත් blog එකට හරවලා එවන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්.


ඒ වගේම ඔයාලා ads දානවනම් ඒවා වෙනම page එකකින් open වෙන්න හදන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්.එකේදී එක page එකක ads වැටෙන්න දාලා ඒ page එකේ link එක මේ විදිහට auto open වෙන්න දාන්න පුළුවන්.

Friday, February 28, 2014

google account එකේ ආරක්ෂාව තරකරගන්න හැටි


මම කලින් ලිපියෙන් කිව්වනේ කොහොමද google මගින් ඔයාලගේ photos ඔක්කොම unlimited backup කරන හැටි.(මෙතනින් ඒ ලිපිය බලන්න යන්න) ඒ විදිහට අපේ පෞද්ගලික තොරතුරු ඇතලත් ක්‍රම ඒවගේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනේ.එකයි මේක ලියන්න හිතුනේ.Email ගත්තත් වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ gmail එක.එතකොට ඒක hack කරා කියන්නේ එකට සම්භන්දය අනෙක් facebook, twitter වගේ ගිණුම් සියල්ලම hack වෙන්න පුළුවන්.ඒ නිසා email එකේ ආරක්ෂාව ගොඩක් වැදගත් වෙනවා.

Friday, February 7, 2014

Phone & PC එකේ photos ටික ඔක්කොම online unlimited backup කරමු (google එකෙන්)

ඉස්සර තමා ෆොටෝ ගහලා ඇල්බම හැදුවේ.දැන් ඒ ඔක්කොම තියෙන්නේ phone එකේ හරි pc එකේ හරිනේ.එත් ඕවා කොයි වෙලේ නැති වෙයිද කියලා විස්වාස නෑ.virus එනවා.ඒ වගේම phone එක නැති උනොත් හරි කැඩුනොත් හරි මිල කරන්න බැරි අපේ මතක සටහන් ඔක්කොම ඉවරයි.ඒ නිසා හොදම දේ තමා online backup කරන එක.

එකටත් හොද විශ්වාස site එකක් පාවිච්චි කරන්න ඕනේ.google වල විශ්වසේ ගැන ප්‍රශ්නයක් නෑ නේ.එත් ඉතින් password එක කාගේ හරි අතකට යන්න වගේම account එක hack වීමේ අවධානමකුත් තියනවා.ඒ නිසා upload කරද්දී වැරදිලාවත් පිට ගියොත් තමන්ට හානියක් නොවන ඒවා දාන්න.ඒක කෝකටත් හොදයි.

Sunday, January 12, 2014

Blog එකට app එකක් පහසුවෙන්ම හදාගන්න (Java/Android/Windows/Apple ios/Blackberry)

මේ දවස් වල තමන්ගේ blog එකට androd app එකක් හදන එක පොඩි රැල්ලක් වෙලා.ගොඩක් blog වල android app එකක් හදා ගන්න විදිහ දාලා තිබ්බා.ඒත් මොකටටද android විතරක්.ඒ නිසා Android, Windows,Blackberry හා apple ios එකටත්  app එකක් හදා ගන්න හැටි ගැන ලියන්න හිතුනා.

මොකද කිව්වොත් ලෝකයේ android පාවිච්චි කරන්නේ හතරෙන් එකකටත් වඩා අඩු පිරිසක් (24.53%)