'/> ටෙක්නික්ස්: අලුත්ම සින්ඩිය එක්ක එක්වන්න (හෙළයා)

Wednesday, December 19, 2012

අලුත්ම සින්ඩිය එක්ක එක්වන්න (හෙළයා)


    මට පොඩි ආසාවක් තිබ්බා සින්ඩිකේටර් එකක් හදන්ඩ.ඒ නිසා මම try කරලා try කරලා එකක් හදා ගත්තා.මම හිතනවා මේක ගොඩක් හොද තත්වයේ තියනවා කියලා. ගොඩ කලෙක මහන්සියේ ප්‍රතිපලයක් තමා මේක.දැනට blog 2500ක් විතර මේකේ සින්ඩිකේට් වෙනවා. ගිහිල්ලම බලන්ඩ.හොදයි කියලා හිතෙනවනම් හැමදාම blog කියවන්ඩ bookmarak එකක් දාගෙනම යන්ඩ.

  මම මේක හැදුවේ පහසුවෙන් කියවන්ඩ පුළුවන් විදිහට.කොයි එකෙත් තියෙන්නේ සිංහල අකුරු තමා එත් මේකේ වැඩිය පාට නැති නිසා පහසුවෙන් කියවන්ඩ පුළුවන්.ඒ වගේම තමා මේකේ වැඩි වැඩ නැති නිසා
ඉක්මනට මේක load වෙනවා.


මමනම් හැමදාම පුරුද්දක් විදිහට blog කියවනවා.ඒකෙන ගොඩක් වටිනා දේවල් ඉගෙනගන්ඩ පුළුවන්.ඒ වගේම එදිනෙදා තොරතුරුත් ගොඩක් දේවල් වගේම බ්ලොග්කරණයේ යෙදෙන අලුත් යාලුවෝ ටිකකුත් එකතු කරගන්ඩ පුළුවන්.

[සින්ඩියක් කියන්නේ :- එක එක අය blog වල ලියන ලිපි එකම තැනකින් බලාගන්ඩ පුළුවන් වෙබ් site එකකට.එකේදී කවුරු හරි ලිපියක් තමන්ගේ blog එකේ ලිව්වම ඒක මේකේ පෙන්නනවා(නොදන්නා අයට)]

එහෙනම් පල්ලෙහා link එකෙන් මගේ "හෙළයා"  සින්ඩියට ගිහින් බලන්න.

7 comments:

  1. වැඩේ නම් හොඳයි යාළුවා..මේකට අලුත් බ්ලොග් එකක් ඇතුලත් කරන්න මොකක්ද කරන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඒක කියන්ඩ අමතක උනා. "vishwajith.vr@gmail.com" කියන එකට ඔයාලගේ blog එකේ feed address ඒක email කරන්ඩ.

      Delete
  2. අපිටත් කියල දෙන්න පුලුවන්ද සින්ඩියක් හදන විදිය.

    ReplyDelete
    Replies
    1. http://tirthayathrava.blogspot.com/2010/07/blog-post.html
      http://wapnishantha.blogspot.com/2011/06/python-syndi.html

      ඔය දෙක කියවන්න.එතකොට ඔයාටත් එකක් හදාගන්ඩ පුළුවන් වෙයි

      Delete
  3. මටත් අද උදේ පාන්දරම ආසාවක් ආවානේ ඔයින් එකක් හදන්ඩ...ඉතින් ඔන්න දවසම කට්ට කාලා එකක් හැදුවා...:-)
    www.techme95.com

    ReplyDelete
  4. freehitlanka.com
    mage web ekath add karanneeee

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න