'/> ටෙක්නික්ස්: Phone & PC එකේ photos ටික ඔක්කොම online unlimited backup කරමු (google එකෙන්)

Friday, February 7, 2014

Phone & PC එකේ photos ටික ඔක්කොම online unlimited backup කරමු (google එකෙන්)

ඉස්සර තමා ෆොටෝ ගහලා ඇල්බම හැදුවේ.දැන් ඒ ඔක්කොම තියෙන්නේ phone එකේ හරි pc එකේ හරිනේ.එත් ඕවා කොයි වෙලේ නැති වෙයිද කියලා විස්වාස නෑ.virus එනවා.ඒ වගේම phone එක නැති උනොත් හරි කැඩුනොත් හරි මිල කරන්න බැරි අපේ මතක සටහන් ඔක්කොම ඉවරයි.ඒ නිසා හොදම දේ තමා online backup කරන එක.

එකටත් හොද විශ්වාස site එකක් පාවිච්චි කරන්න ඕනේ.google වල විශ්වසේ ගැන ප්‍රශ්නයක් නෑ නේ.එත් ඉතින් password එක කාගේ හරි අතකට යන්න වගේම account එක hack වීමේ අවධානමකුත් තියනවා.ඒ නිසා upload කරද්දී වැරදිලාවත් පිට ගියොත් තමන්ට හානියක් නොවන ඒවා දාන්න.ඒක කෝකටත් හොදයි.

(Google වල ආරක්ෂාව වැඩි කරගන්න හැටි ගැන ලිපියට මෙතනින් පිවිසෙන්න)

අපිට මේකට 2048 x 2048 size එකේ photos ඕන තරමක් දාන්න පුළුවන්(upload කරද්දී auto resize වෙනවා).එහෙම නැතුව ඊට වඩා ලොකු size එකේ ඒවා දාන්න ගියෝත්නම් දෙන්නේ 15GB size එකක් විතරයි.




මේ photos පෙනෙන්නේ ඔයාට විතරයි.ඕනෙනං අනිත් අයත් එක්ක share කරන්නත් පුළුවන්


01.පරිගණකයේ photos backup කිරීම

pc එකේ photos backup කරන්නනම් මුලින්ම මෙතනින් picasa එක මෙතනින් download කරගන්න. ඒක install කරලා open කරද්දී අහයි photos backup කරන්න ඕනෙද කියලා.එකට ඔව් කියලා දීලා යන්න.එතකොට "google+ auto backup" කියලා එකක් start menu එකට ඇවිත් තියෙයි.

එකට ගියාම පල්ලෙහා රූපේ වගේ එකක් එනවා.ඒකෙන ඔයාලගේ google account එකට sign in වෙන්න.

ඊට පස්සේ backup කරන්න ඕනේ photos තියන folders තෝරලා දෙන්න.

ඒ වගේම තමා (පල්ලෙහා රූපේ තියන) photo size කියන එකට "standard size" කියලා දුන්නොත් unlimited backup කරන්න පුළුවන්.


02. Android phone එකේ photos backup කිරීම

මේකට ඔයාලා google+ (ඒක නැත්තන්මෙතනින් download කරගන්න) ඊට පස්සේ
app එකට යන්න.ඊට පස්සේ
 menu icon/button  > Settings Auto Backup > Toggle On or Off
ඔය විදිහට ගිහිං auto backup එක on කරගන්න.(ඔහොම යන්න බැරිනම් google+ app එක update කරගෙන බලන්න)

එතකොට photos කියලා අලුතින් app එකකුත් ඇවිත් තියෙයි.


අදට මම යනවා.සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


3 comments:

  1. මේ ලිපියනම් මට ගොඩාක් වැදගත් වුනා, බොහොම ස්තූතියි!

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න