'/> ටෙක්නික්ස්: google account එකේ ආරක්ෂාව තරකරගන්න හැටි

Friday, February 28, 2014

google account එකේ ආරක්ෂාව තරකරගන්න හැටි


මම කලින් ලිපියෙන් කිව්වනේ කොහොමද google මගින් ඔයාලගේ photos ඔක්කොම unlimited backup කරන හැටි.(මෙතනින් ඒ ලිපිය බලන්න යන්න) ඒ විදිහට අපේ පෞද්ගලික තොරතුරු ඇතලත් ක්‍රම ඒවගේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනේ.එකයි මේක ලියන්න හිතුනේ.Email ගත්තත් වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ gmail එක.එතකොට ඒක hack කරා කියන්නේ එකට සම්භන්දය අනෙක් facebook, twitter වගේ ගිණුම් සියල්ලම hack වෙන්න පුළුවන්.ඒ නිසා email එකේ ආරක්ෂාව ගොඩක් වැදගත් වෙනවා.


google වල 2 step verification දාගන්න හැටි තමා කියන්නේ.මේකෙදි ගොඩක් ගැටළු මතු වෙනවා.ඒවට උත්තරත් එක්කමයි ලියන්න හිතුවේ. 


මේකෙදි වෙන්නේ log වෙන්න යද්දී තියන password එකට අමතරව තව එකක් sms විදිහට එනවා.ඒ දෙකම ගහලා තමා ඇතුළු වෙන්න පුළුවන්. එක පරිගණකයකින් ඇතුළු වෙද්දී එක පාරක මේ විදිහට කරාම ඒ පරිගණකය විශ්වාසවන්ත එකක් කියලා save කරන්න පුලුවන්.එතකොට එකේදී අයෙ password දෙකක් ගහන්න ඕනේ නෑ.අයෙ වෙන එකකින් log වෙද්දී තමා අයෙ sms password එකක් එන්නේ.



මුලින්ම පල්ලේ link එක click කරලා settings හදා ගන්න යන්න


ඊට පස්සේ Start Setup කියලා යන්න.ඊට පස්සේ phone no එක ගහලා send code කියලා දුන්නම sms එකක් විදිහට එන code එක ගහලා phone එක verify කරගන්න. එතකොට පස්සේ පල්ලෙහා රූපේ වගේ page එකකට යයි.ඒ අතර තව සිද්දි තිබ්බද කියලනම් මතක නෑ.


දැන් ඔයාලා වෙන pc එකකින් gmail log වෙන්න යද්දී මුලින්ම password එක ගැහුවට පස්සේ තව එකක් ගහන්න එනවා.ඒක sms එකක් විදිහට ඒ වෙලාවේම එයි.

එත් අවේ නැත්තන් හරි phone එකේ අවුලක් තිබ්බ වෙලාවක මොකද කරන්නේ?

එකටත් විදිහක් තියනවා.ඔය page එකේ යට තියන show backup codes එකට යන්න.එතකොට අංක 10ක් පෙන්නයි.ඒ 10 ලියාගෙන තියාගන්න.ඒ වගේ වෙලාවකට ඔය අංක වලින් එකක් ගහලා යන්න පුළුවන්.එත් එක අංකයක් ගහන්න පුළුවන් එක සැරයි.ඒ නිසා එකක් පාවිච්චි කරාම ඒක කපලා දාන්න.

මේ විදිහට sms නැතුව තව විදිහක් තියනවා දෙවෙනි password එක ගන්න.එකට මෙන්න මේ app එක (android) phone එකට දාගන්න. මේක දාගන්න යද්දී ඔයාලගේ phone එකෙන් google play එකට log වෙන්න බැරි අවුලක් එයි.(සමහර විට) එකට උත්තරේ පල්ලෙහා තියනවා.කියවගෙන යන්න.

      


මේක install කරද්දී පෙන්නනවා පොඩි link එකක් පෙන්නනවා.එකට pc එකෙන් ගිහිං එකේ තියන barcode එක scan කරන්න.නැත්තන් key එක ගහන්න.ඊට පස්සේ ඔයාගේ app එකේ හැම විනාඩියකටම එක password එක ගානේ genarate වෙනවා.ඒක අර sms එකකින් එන password ඒක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්.ඒක ඒ විනාඩි ඇතුලතම ගහන්න ඕනේ.


කෙදි මතුවෙන ලොකු අවුලක් තමා android phone වල google account එකට password එක ගැහුවට log වෙන්නේ නෑ.password එක වැරදි කියනවා.එකට කරන්න තියෙන්නේ මේකයි.ඔයාලා ඉස්සෙල්ල backup codes ගත්ත page එකේ තියනවා App specific password කියලා tab එකක්.එකට යන්න.ඊට පස්සේ කැමති නමක් (gmail/ android වගේ) ගහපුවම අකුරු ගොඩක password එකක් පෙන්නයි.අන්න එක ගහලා ඔයාලගේ phone එකේ google account එකට log වෙන්න.

ඕක තමා ගොඩ දෙනෙක්ට මේ වැඩේදී මතුවන ගැටලුව.


ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


9 comments:

  1. ස්තුතියි යාලුවා මම Authy කියන app එක භාවිතා කරනවා එකේන gmail වගේ facebook වගෙ ඒවටත් 2 step verification add කරන්න පුලුවන්.

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාළුවා ඔබේ ප්‍රතිචාරයටත්.

      Delete
  2. ඕක කලින් නම් sms එක ආවෙ නැත්නම් කෝල් එකක් විදිහටත් ගන්න තිබුන නේද. දැන් නම් ඒ ඔප්ෂන් එක නැද්ද මන්දා..
    හොඳ සටහනක් මේක.

    ReplyDelete
    Replies
    1. call එක වෙනුවට sms එකකින් code එක ගන්න පුළුවන් කියලා තියනවත් දැක්කා තමයි.ස්තුතියි ප්‍රතිචාරයට

      Delete
  3. තෑන්ක්ස් සිකියුරටි පාඩමට......

    ReplyDelete
  4. බොහොම සතූතී ! ගොඩක් වැදගත් උනා..

    ReplyDelete
  5. ගොඩක් ස්තූතියි ඔයාට මේ වගේ ගොඩක් වැදගත් වෙන දෙයක් අපිට කියලා දුන්නට.. මුලු හදවතින්ම ඔයා ගේ ඉදිරි ගමනට සුභ පතනවා.

    ReplyDelete
  6. mage email eke password eka amathakai man ekata dipu 4n nmb ekath man gawa na nmb mathakai code ekak illanawa email ekata yanna ekata mokada mcn karanne

    ReplyDelete
  7. mage email eke password eka amathakai man ekata dipu 4n nmb ekath man gawa na nmb mathakai code ekak illanawa email ekata yanna ekata mokada mcn karanne

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න