'/> ටෙක්නික්ස්: Downloads වලින් සල්ලි හොයමු.

Friday, January 20, 2012

Downloads වලින් සල්ලි හොයමු.

     අද කියන්ඩ යන්නේ File Sharing Sites කීපයක් ගැන.මේවගේ විශේෂත්වය තමා අපි upload කරපුවා අනිත් අය Download කරනවට අපිට ගෙවන එක.හොද Blog එකක් තියන අයටනම් සැලකිය යුතු මුදලක් හොයා ගන්ඩ පුළුවන්.අනික නිකං කියක් හරි දෙනවනම් මොකද?වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ Media Fire.ඉතින් Media Fire එකෙන් මේවගේ site එකකට මාරුවෙන එක කොච්චර Simple Plan එකක්ද?මමත් ඔච්චරකල් පාවිච්චි කරේ Media Fire.එකේ සමහර වෙලාවට download කරන්ඩ ගියාම download වෙන්නේ නැතුව ගියා.කැරකිලා කැරකිලා එතනටම එනවා.ඒ නිසා වෙන හොද File Sharing Site එකක් ගැන හොයද්දි තම මට මේ විස්තර ටික හම්බුනේ.




(01)  filesIn :- මේ ක තාමා මම පාවිච්චි කරන්නේ.අනිත් ඒවත් එක්ක සාපේක්ෂව සැලකුවම මේක       ගොඩක් හොදයි.මේකට වැඩ ගෙවන site තියනවා එත් ඒ සමහර ඒවගේ survey පුරවන්ද එනවා. තවත් සමහර ඒවගේ Ads පුරවලා.තවත් ඒවගේ download කරන්ඩ පොඩි වෙලාවක් බලාගෙන ඉන්නවා.ඒවා අපේ blog එක එක කියවන අයට කරදරයක් නිසා මම ඒවාට files upload කරන්නේ නෑ.මේකේ ඒ මොකුත් නෑ.අපි upload කරපු File එකක් කවුරු හරි download කරනවට 0.004$ ගෙවනවා.ඒ කියන්නේ downloads 1000කට 4$ හොයන්ඩ පුළුවන්.එමේකේ Minimum Payout එක තියන්නේ 10$.මේකෙන් අපිට referrals ලබා දෙනවා.ඒකෙදි අපිට දෙන Link ඒකෙන වෙන කට්ටිය ගිහින් Register උනාම එයාලා හොයන මුදලින් 25% ප්‍රමාණයක් අපිට ලැබෙනවා.මේ site එකේ Ads දණ්ඩ පුළුවන් විදිහකුත් තියනවා.එතකොට පල්ලෙහා දාලා තියන අනිත් sie වලට වැඩ හොයන්ඩ පුළුවන්.එත් මට ඒ ක්‍රමේ හරියට හොයා ගඳ බැරි උනා.කව්රුහරි ඒක හොයාගත්තොත් මතක කරලා මටත් කියන්ඩ.මම මේ post ඒකෙන කියල තියන site වලින් මටනම් හොදම ඒක තමා මේක. මේකේ එකසැරේකට upload කරන්ඩ පුළුවන් උපරිම size ඒක  500MB .මම පල්ලෙහා දාලා  තියන රූපෙ click කරලා ගිහින් FilesIn එකේ Register වෙන්ඩ.


(02)Share cash:- මේකත් හොද ප්‍රසිද්ධ site එකක්.මේකේ download එක්කට 0.40$ විතර හොයන්ඩ පුළුවන්.එත් ඉතින් හැම රටකටම නෙමෙයි.හොද හොද රටවල් ටිකක් තියනවා.ඒ ඒ රට අනුව ගෙවන ගාන වෙනස්. ලංකාවට කියක් ගෙවනවද කියලනම් බලන්ඩ බැරි උනා.කොහොමහරි ඒකෙන සල්ලි දෙන්නේ රටවල් 240කට විතරයි.ඒ අතරේ ලංකාව තියනවද කියල කියන්ඩත් මම දන්නේ නෑ.උවමන කෙනෙක් ඉන්නවනම් හොයල බලලා කියන්ඩ.මේකෙත් Minimum Payout ඒක 10$.මේකේ referrals වල කස්ටිය Register උනාම එයාලා හොයන මුදලින් 10%ක් අපිට හම්බවෙනවා.මම මේකට කැමති නැත්තේ පොඩි හේතුවක් නිසා.ඒ තම මේකේ මොකක් හරි download කරන්ඩ ගියාම එයාල දෙන Surveys පුරවන්ද වෙනවා.ඒක ඔයාලගේ Blog එකට එන අයට කරදරයක්.ඒ නිසා සමහරවිට ඔයාලගේ එකට එන සෙනග අඩු වෙන්ඩත් පුළුවන්.අනික මම කැමති නෑ මගේ රසිකයන්ට කරදර කරලා සල්ලි හොයන්ඩ.ඒක කොහොම උනත් ඔයාල කැමති මේ site එකටනම් පල්ලෙහා picture ඒක click කරලා ගිහින් Share cash එකේ Register වෙන්ඩ.



(03) File Serve:- මේකේ ගෙවන ගැන තීරණය වෙන්නේ File එකේ size ඒක හා download කරන රට මත. මේකේ නොමිලේ දෙන Account එකක Register උනාම file එකක් download කරන්ඩ පොඩි වෙලාවක් බලාගෙන ඉන්ඩ  වෙනවා.එකත් ඉතිං කරදරයක් තමා.මේකේ 500GB ධකව Files Upload කරන්ඩ පුළුවන්.එත් Upload කරන්ඩ පුළුවන් ඒක file එක්ක උපරිම Size ඒක 1GB.මේකේ මතක තියාගතයුතු විශේෂ දෙයක් තියනවා.එනම් මේකේ ඒක download එකක්වත් වෙන්නේ නැතුව දවස් 60ක් තිබ්බ ගමන් Account ඒක නැති වෙනවා. File Serve එකේන් ඔයාලගේ Files Share කරන්ඩ කැමතිනම් පල්ලෙහා picture ඒක click කරලා ගිහින් Register වෙන්ඩකෝ.





(04) Ziddu:- මේකේ ලොකු ලොකු අවුල් එනවා.ගොඩක් වෙලාවට files upload කරන්ඩ ගියාම sever connect කරගන්ඩ බැරි උන කියලා Errors එනවා.කොහොම උනත් මේකෙත් Minimum Payout ඒක 10$.එත් මේකේ ඒක download එක්කට 0.006$ ගෙවනවා.ඒ පොඩි වාසියක්.එත් කලින් කිව්වා වගේ අවුල් එන නිසා මටනම් FilesIn ඒක හොදයි.මේක හදි කියල හිතනවානම්  Picture ඒක click කරලා ගිහින් Ziddu එකේ Register වෙන්ඩ.


(05)Deposit Files:-මේකේ මුදල් ගෙවන්නේ download කරන රට අනුවයි.මේකෙත් Minimum Payout ඒක 10$. referrals වල කස්ටිය Register උනාම එයාලා හොයන මුදලින් 10%ක් අපිට හම්බවෙනවා.මේකේ ටිකක් හොද හොද රටවල් වලට ලොකු ලොකු ගණන ගෙවනවා.මේකේ Register වෙන්ඩ කැමතිනම් පල්ලෙහා pic ඒක click කරලා Deposit Files එකට යන්ඩ.


(06)Files Sonic:-මේකේ Minimum Payout ඒක 15$.මේකේ download කරන රට අනුව downloads 1000 කට 5$ සිට 30$ දක්වා හොයන්ඩ පුළුවන්.ඔය විස්තර හොදටම ඇති.මට අයෙ type කරන්ඩනම් බෑ.




ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.



8 comments:

  1. මෙවා අපි ප්‍රමොට් කරනවා උන් හබ්බකරගන්නවා අපිට සල්ලි පෙන්නලා අපිව මැජික් කරනවා. මේවායින් හබ්ම්බකරපු එකෙක්ව මට පෙන්නන්න

    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  2. ඒ කතාව ඇත්ත.මේවගෙන් හමුකර ගත්ත කවුරුත් නෑ තමා.මේකෙන් අත්තම්මගේ පෙට්ටගම පුරවන්ඩ තරම් ගණක හොයන්ඩ බෑ.එත් හොද බ්ලොග් එකක් තියන කෙනෙක්ට downloads 2000ක් 3000ක් මාස 5කින් 6කින් හොයන්ඩ පුළුවන්.එතකොට 1000ක් හම්බවෙනවනේ.ඔය නිකං දෙන කියක් හරි ගන්න ඒකෙන කිසි පාඩුවක් නෑ නේ.

    ReplyDelete
  3. kohomada ayye mama upload karapu file mage blog yaluwanta down karanna link ekak hada ganne...loku udawwak...

    ReplyDelete
  4. Filesin එකට log උනාම එකේ තියන "Manage Files" කියන එකට යන්ඩ.එතකොට ඔයා upload කරපු ටික පෙන්නයි.ඊළගට ඔයාට ඕන file එක click කරාම ටිකක් උඩ හරියෙන් link කියල ඒකට යන්ඩ ඕන link එක පෙන්නනවා.මම use කරන්නේ Filesin එක විතරයි. මම දන්නේ ඊක ගැන විතරයි.

    ReplyDelete
  5. ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.

    ReplyDelete
  6. මේ වගේ යාළුවෝ අපි අගයකළ යුතුයි. අන්තර්ජාලයෙන් මුදල් සොයන්න එන කෙනෙකුට පටන්ගත්තු සැනින් එකපාරටම ලක්ෂගණන් සොයන්න බැහැ. උනන්දුව ඉවසීම තියෙනවා නම් තමන්ගේ සතයක්වත් වියදම් කරන්නේ නැතිව කාලෙත් එක්ක තමන් එදිනෙදා කරන වෘතියෙන් ලබන වැටුප වගේ කිහිපගුණයක් උපයාගන්න පුළුවන්. මුලදි ඉතින් උපයන්න වෙන්නේ හෙමින් තමයි. උත්සාහ කළොත් ජය ලැබෙනවා නියතයි. ඩොලර් එකක් හරි ලංකාවට ගේන්න උත්සාහ කරන්න.

    ReplyDelete
  7. Media Fire වලට සල්ලි දෙනවඩ

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න