'/> ටෙක්නික්ස්: Google වල නවතම සිංහල Transliteration සේවය (Unicodes)

Tuesday, January 17, 2012

Google වල නවතම සිංහල Transliteration සේවය (Unicodes)

      මුලින්ම unicodes ගැන නොදන්නා අයට unicodes ගැන කියල දෙන්නම්.  unicodes කියන්නේ සරලව කිව්වොත් අපි සිංහට  Type  කරන්ඩ යොදා ගන්න Font වගේ දෙයක්.මේක ජාත්‍යන්තරව සම්මත කර ගත්ත කේත ක්‍රමයක්.මේකේ ලෝකේ විවිධ භාෂා වල ඒ ඒ අකුරට සම්මත ද්විමය හෙවත් සංඛාංක(Digital) කේතයක් තියනවා.උදාහරණයක්‌ විදිහට ගත්තම සිංහල "අ" අකුරට හිමි කේතය තියෙන්නේ ඒ අකුරට විතරයි.

      අපි සිංහල unicodes Type කරන්ඩ ගියාම ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නේ තමා Key Board එකේ සිංහල අකුරු තියන පිළිවෙල අමතක වීම.එහෙම නැති උනත් ඉග්‍රීසියෙන්  වේගෙන් Type කරන්ඩ පුළුවන් උනත් සිංහල Type කරන්ඩ ගියාම ගොඩක් වෙලා යන එක.එකට හොදම විසදුම තම Google IME කියන Translation Softwear එක. මේක දාගෙන ඕන තැනක සිංහල වචන ඉග්‍රීසි අකුරෙන් Type කරාම ඉබේම සිංහල වචනේ එතන Type වෙනවා.

           
ඒ වගේම තමා දැන් ගොඩක් softwear වලට Unicodes භාවිත කරන්ඩත් පුළුවන්.විශේෂයෙන්ම Microsoft Office පැකේජ් එකට.වෙලාවකට අපි Type කරපු font එක වෙන computer එකක නැති උනාමත් ප්‍රශ්න ඇති වෙනවා.Unicodes භාවිත කරාම unicodes තියන ඕන computer එකකින් එක කිසි ප්‍රශ්නයක් නෙතුව කියවන්ඩත් පුළුවන්. මුලින්ම ඔය පල්ලෙහා download button එක click කරාම එන page එකේ "සිංහල" කියන එකටයි පල්ලෙහම තියන "I agree to the Google......" කියන එකටයි පොඩි ටික් දෙකක් දාල download කියන එක click කරන්ඩ.

   ඕක install කරන්ඩ internet ඕනේ වගේ මතකයක් මට තියනව.කොහොම හරි ඕක install කරාම task bar එකේ දකුණු පැත්තේ ඇවිල්ල තියනවා දකින්ද පුළුවන්.ඔය පල්ලෙහා රූපේ වගේ එකක් ලැබෙයි.සමහර විට "EN" කියල තිබ්බොත් එක click කරලා "SI" කියල වෙනස් කරන්ඩ.ඊළගට තියන key board එක රූපේ click කරාම ලැබෙන ඒකෙන් Google IME එක තේරුවම වැඩේ හරි.
                            

   දැන් type කරගෙන යනකොට 2 රූපේ වගේ පෙනෙයි. "F12" button එක click කරාම ඉංග්‍රීසි වලට මාරු වෙනඩ පුළුවන්. මේක windows XP වලට හරියට වැඩ කරන්නේ නෑ.පොඩි පොඩි ලෙඩ එනවා.මට ඒවටනම් උත්තර හොයා ගන්ඩ බැරි උනා.ඔයාලට වෙන ප්‍රශ්න මතු උනොත් මට දන්වන්ඩ.දන්නා දෙයක්නම් උදව් කරන්නම්.



ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


10 comments:

  1. මේකට කියන්නේ translate නෙමෙයි translitaration කියලා. ඔයාගෙ මාතෘකාව වැරදියි.

    ReplyDelete
    Replies
    1. ස්තුති මිත්‍රයා.ඔන්න මම මාතෘකාව වෙනස් කරා.

      Delete
  2. machan meka wada karanne ne ne

    ReplyDelete
  3. මේකේ download link එකේ පොඩි අවූලක් තිබ්බා.
    නලින්ද ඔයාට ස්තුතියි.ඔයාගේ comment එක දැකල තම එක හරි ගැස්සුවේ.

    ReplyDelete
  4. IO
    file eka neene :(
    File Not Found, may be deleted by user or administrator.

    ReplyDelete
    Replies
    1. ඔන්න දැන් හරි.මම කෙලින්ම google එකේ link එකම දැම්මා.

      Delete
  5. ගොඩක් ස්තුතියි සහෝදරයා.ඔන්න මම ඔයාගේ ක්‍රමේටම සිංහලෙන් ටයිප් කලා..........

    ReplyDelete
  6. "Softwear" නෙවෙයි "Software" බ්ලොග් ලියද්දී මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන.

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න